Visual Basic.Net ඉගෙන ගනිමු-06

සඳහන් කිරීමට බැරිවුන යමක්.

පහත රූපයේ පේන පරිදි ඔබට කේත Window ව විවෘත කර ගත් පසුව Combo Boxයන් දෙකක් පෙනේ. මෙහි පළමු එකේ ඔබගේ Form යේ ඇති පාලකයන් දැක්වෙන අතර ඔබ ඒවායෙන් එකක් තෝරා ගත හොත් එයට අදාල ලෙස අනික් Combo Box යේ එම පාලකයට අදාල Events එහි දිස් වේවි.



උදාහරණයක් ලෙස Form යේ ඇති බොත්තමක් තෝරා ගන්න. එවිට ඔබට එහි Events පහත රූපයේ ආකාරයට දකුණු පස ඇති Combo Box හි දිස් වේවි.

බොත්තමක Default Eventය වන්නේ Click Event යයි.

පෙර පාඩමේ කේතයන් පැහැදිලි කිරීම.

Private Sub btnLAlgn_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles btnLAlgn.Click

End Sub

මෙහි ඉහත දක්වා ඇති කේතයේ බොත්තමේ නම හැරුනු කොට බොත්තමක Click Event ය සඳහා කේතය මෙයයි.

txtAll.TextAlign = HorizontalAlignment.Left

මෙම කේතය මඟින් අප Form යට ඇතුලත් කර ගත් Text Boxහි ඇති Text ස්ථාන ගත වීම පාලනය කරන්නේ කෙසේද යන්න ලබා දෙයි. මුල් බොත්තම් තුනෙහිම කේතයන් වෙනස් වන්නේ Text Box

යේ Text ස්ථාන ගතවන ස්ථානය වෙනස් වීමෙන් පමණකි.

Dim language As String

මෙහිදී සිදු කර ඇත්තේ language නමින් String variable එකක් declare කිරීමයි.

language = txtAll.Text

මෙහිදී සිදු කර ඇත්තේ txtAll Text Box පාලකයේ Text,languageයන Variable එකට Assign කිරීමයි.

language = language.ToUpper

මෙහිදී සිදු කර ඇත්තේ යන Text Box එකට ගන්න Text එක Upper Case හෙවත් Capital කිරීමයි.එවිට ඔබ මෙසේ Visual Basicහෝ මෙසේ visual basic හෝ Text, Text Box යට ඇතුලත් කළත් එය අවසානයේ දිස්වන්නේ මෙසේයි VISUAL BASIC.

If language = "VISUAL BASIC" Or language = "VB" Then
MsgBox("Go ahead with Visual Basic.Net ")

Else
MsgBox(language & " is a good language too. ")

If Then Structure ගැන පසු පාඩමකින් වැඩිවිස්තර සහිතව සාඛච්ඡා කරන්නම්. මෙහිදී සිදු වන්නේ කොන්දේසියක් පරීක්ෂා කිරීමයි.මෙහිදී අපගේ Text Box යේ ඇති Textය VISUAL BASIC ට සමාන නම් හෝ VB ට සමාන නම් ඔබට පහත කේතයේ ඇති Message Box ය දිස්වේවි.
MsgBox("Go ahead with Visual Basic.Net ")

Else යන්න භාවිතා කරන්නේ එසේ නැත්නම් ඔබගේ ප්‍රතිදානය කුමක් විය යුතද යන්න සඳහන් කිරීමටයි.මෙහිදී Text Box යේ ඔබ Text Box යේ ඇතුලත් කළ Text ය VISUAL BASIC ට සමාන නොවේ නම් ඔබ ඇතුලත් කළ Text ය සමඟ is a good language too කොටස දිස් වේවි.

txtAll.Clear()

අවසාන බොත්තමේ ඇති මේ කේතයෙන් Text Box ,txtAll හි ඇතුලත් කර ඇති Text මකා දැමීම සිදු කරයි.


Visual Basic හි Variable Declare කිරීම.

Variable, යනු කුමක්ද?

Variable යනු වැඩසටහනක් Execute කරනා විට දත්ත රඳවා ගන්නා මතකයකි. එයට නමක් Name හා අගයක් Value ඇත. ඊට අමතරව එයට දත්ත ආකාරයක් Data Typeඇත. මෙම දත්ත

ආකාරය අනූව එහි අගය තීරණය වේ.

Visual Basic හි වෙනත් බොහෝ ක්‍රමෝත්පාදක භාෂාවන්හි මෙන් Variable එකක් භාවිතයට පෙර එය Declare හඳුන්වා දිය යුතුය.

එය Declare කිරීමට Visual Basic හි භාවිතා වන කේත වචනය වන්නේ Dim යන්නයි. Variable එකක් හඳුන්වා දීමේදී එහි දත්ත ආකාරයද Data Typeලබා දිය යුතුය. පෙර වැඩ සටහනෙන් උදාහරණයක් ගන්නවා නම්.

Dim language As String

මෙහිදී දත්ත ආකාරයට පෙර As යන වචනය යෙදිය යුතුය. variable Declare කිරීමේදී තමන් එය භාවිතා කරන්නේ කුමක්ද යන්න මත පදනම්ව දත්ත ආකාරය Data Type ලබා දීම වැදගත්ය.

මන්දයත් එයින් ඔබට අනවශ්‍ය පරිදි මතකය වැයවීම වලක්වා ගත හැකි බැවින්ය.

තමන් variable එකක් Declare කර ගත් පසු එය භාවිතා කරන අවස්ථාවේදී හෝ එය Declare කල මොහොතේදීම එයට අගයක් ලබා දිය හැක.

Dim calc As Integer
calc=10

Dim calc as Integer = 10

ඉහත කේතයන් දෙකම නිවැරදිය.

එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ දත්ත ආකාර ඇති Variables එකම පේළියේ Declare කළ හැක.

Dim tot As Integer = 1, discount As Single = 0.25

ඔබ String Data Type දත්ත ආකාරයේ Variable එකක් Declare කරනවා නම් එයට අගයන් දිය යුත්තේ " " තුලය.

Dim txt As String = "Happy"

Dim txt As String

txt = "Happy"

පහත වගුවෙන් ඔබට Visual Basic හි දත්ත ආකාර සහ ඒවායේ ඔබට යොදා ගත හැකි අගයන්ද Values ඒවායේ මතකයන් ප්‍රමාණයන්ද Structure Storage Size අවබෝධ කරගත හැක.





තවත් පාඩමකින් නැවත හමුවෙමු .

කැන්ඩි....

0 comments: