Visual Basic.Net ඉගෙන ගනිමු-01

ඔන්න ඉතින් දෙවෙනි එකෙන්ම මම පන්තිය පටන් ගන්නයි යන්නේ.මුලින්ම මම කිව්වා වගේ මුලින්ම මම බලාපොරොත්තු වෙන්නේ Visual basic.NetසහSQL Server යන පාඩම් දෙක පිළිබඳව ලිපි පෙළක් රචනා කිරීමටයි.ඒ නිසා මම මුලින්ම Visual Basic.Net වලින්ම පන්තිය පටන් ගන්න හිතුවා.ඔන්න ඉතින් පාඩම පටන් ගන්න ඉස්සෙල්ලල ඉගෙනුම් ආධාරක දෙන්න හිතුවා.ඒ කියන්නේ ක්‍රම ලේඛන භාෂාව හැසිරවීමට උපයෝගී කර ගන්නා IDE එක. ඒ කියන්නේ Integrated Development Environment.අප මෙම ක්‍රම ලේඛන භාෂාව හසුරුවන්නේ මෙම IDE එක තුල ඉඳ ගෙනයි.සියළුම .Net Application සඳහා IDE එක වන්නේ Visual Studio වේ.මේ වන විට එහි 2010 සංස්කරණයද නිකුත් වී ඇති නමුත් මම ගෙන එන පාඩම් මාලාව ප්‍රථමයෙන් 2008 සංස්කරණයේ අත්හදාබලන මෙන් ඉල්ලමි.නමුත් එය 2010 සංස්කරණයෙහි අත් හදා බැලීමේ කිසිදු වරදක් නැත.

Visual Studio 2008 බාගත කර ගැනීමට මෙතන ඔබන්න.



serial Key එක බා ගත කර ගැනීමට මෙතන ඔබන්න.

MSDN help එකත් සමඟ ඇති Visual Studio 2008 Torrent එක බාගත කර ගැනීමට අවශ්‍යනම් මෙතන ඔබන්න.


ඔබට Visual Studio 2010 Torrent එක බාගත කර ගැනීමට අවශ්‍ය නම් මෙතන ඔබන්න.




මෙම Visual Studio භාවිතා කරන විට Database Application එක ලෙස SQL Server Management Studio යොදා ගනිමින් මෙම පාඩම් මාලාව ගෙන ඒමට මම බලා පොරොත්තු වෙමි.
එම නිසා SQL Server 2008 Torrent එක බාගත කර ගැනීමට මෙතන ඔබන්න.




ඔබ SQL Server භාවිතා කර ඇති අයෙක් නම් ඔබ කළින් භාවිතා කළේ SQL Server 2005 නම් මෙම SQL Server 2008 ඔබේ පරිඝනකයේ ස්ථාපනය කිරීමට පෙර කළින් ස්ථාපනය කර තිබෙන SQL Server 2005 සම්පූර්නයෙන්ම ඉවත් කරන්න.නැත්නම් එය ඔබේ පරිඝනකයේ SQL Server 2008 ස්ථාපනය නවතා දමාවි.

ඔබට ඔබේ පරිඝනකයේ ස්ථාපනය කිරීමේදී කිසියම් ගැටළුවක් මතු වුව හොත් Comment එකක් මඟින් මට දන්වන්න.එහෙම නැත්නම් Screen Shot එකක් අරගෙන මට එවන්න.


කැන්ඩි.......
Read more...

කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තිය ගැන...






හැමදාම පටන් ගන්නවා කියලා හිතාගෙන හිටියට ඒක කරන්න බැරි වුනා මෙච්චර දවසක් ඒක නිසා අද මම හිතුවා අදනම් කොහොම හරි මේක ලියන්න පටන් ගන්නවා කියලා.ඔන්න එහෙනම් මේක තමා මගේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලිපි ලියවෙන කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තියේ පළමුවැනි Post එක.මේ බ්ලොග් අඩවිය මම ලියන තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලිපි පළ කරන්න මම භාවිතා කරනවා.මූලික වශයෙන් Visual basic.Net සහ SQL Server යන පාඩම් දෙක ඉදිරිපත් කරන්න මම බලා පොරොත්තු වෙනවා.ඒ අතර වෙනත් මාතෘකා යටතේද තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලිපි ඔබ හමුවට ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා.පාඨකයෙක් වශයෙන් මෙම අඩවිය Follow කරන්න පුළුවන්නම් සහ Comment මඟින් ඔබේ අදහස් මට දන්වන්න පුළුවන්නම් ඉතා වටිනවා.

මගේ මුල්ම පාඩම් මාලාව මම ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පිළිබඳව Visual Basic.Net සහ SQLServer පිළිබඳව.තොරතුරු තාක්ෂණය විෂයක් විදියට හදාරා නැති එහෙත් එය ඉගෙන ගැනීමට ඇල්මක් දක්වන ඕනෑම දැනුම මට්ටමක සිටින කෙනෙකුට තේරුම් ගැනීමට හැකිවන ලෙස මෙම ලිපි පෙල රචනා කිරීමට බලාපොරොත්තු වෙනවා.එම නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙ පාඩම් මාලාව සමහරවිටෙක සරල වැඩියි කියල,ඒ වුනත් සරල දෙයින් පටන් අරගෙන සංකීර්ණ දේවල් ඉගෙන ගැනීම තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට ඉතා හොඳ මාර්ගයක් කියා මම සිතනවා.ඔබට මෙම පාඩම් මාලාව කියවා තේරුම් ගැනීමට නොහැකි නම් එය Comment එකක් මඟින් මට දන්වන්න.තවද නොතේරෙන දෙයක් එම නොතේරෙන දේත් සමඟ මා වෙත යොමු කරනවානම් ඉතා වටිනවා.තවද මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ඔබේ අදහස් මා වෙත යොමු කරනවා නම් එය මා ඉතා අගය කරනවා.නොතේරෙන ඕනෑම දෙයක් මා වෙත යොමු කරන මෙන් අවසානයේ මා නැවතත් ඉල්ලා සිටිනවා.දැනුම බෙදා ගනිමු.






කැන්ඩි.......

Read more...