Visual Basic.Net ඉගෙන ගනිමු-10


තවත් සරල පාඩමකින් නැවතත්.
මෙහිදීත් මම හඳුන්වා දීමට යන්නේ තවත් සරල පාලකයක් යොදා වැඩසටහනක් සකසා ගන්න අන්දමය.

මෙයට ඔබගේ පෙර Project යටම නව Form යක් එකතු කර ගන්න. ඉන්පසුව එය මතට බොත්තමක් සහ Progress Bar යක් tool Box යෙන් එක් කර ගන්න.ඉන්පසුව ඔබ සැලසුම් කර ගත් Form ය පහත රූපයේ ආකාරයට දිස් විය යුතුය.



Form ය මතට දමා ගත් බොත්තමේ Nameය ලෙස btnOkයද Textය ලෙස Ok ද Propertiesවලින් වෙනස් කර ගන්න.

ඉන්පසු බොත්තම Double Clickකර ලැබෙන කේත පේළි දෙක මැද පහත දැක්වෙන කේතය ලියන්න.

Dim intValue As Integer

ProgressBar1.Maximum = 1000000

Do While Not intValue = 1000000
ProgressBar1.Value = intValue
intValue = intValue + 1

Loop

මෙහිදී දැක්වෙන කේතය Do While Structureගැන අවබෝධයකින් තොරව තේරුම් ගැනීමට අපහසු නිසා එය මෙහිදී සඳහන් නොකරමි. If Else Structure ය සහ Do While Structure ගැන පසු වැඩසටහනකින් ගෙන එන්නම්.

ඉන්පසු මෙම Form ය ඔබගේ Project යේ Startup Form ය ලෙස සකසා වැඩසටහන ධාවනය කරන්න.

ඉන්පසුව ඔබට ඔබගේ වැඩසටහන මේ ආකාරයෙන් දිස් විය යුතුයි.











නැවතත් සරල පාලකයක් සහිත වැඩසටහනකින් හමු වෙමු..

කැන්ඩි....
Read more...

Visual Basic.Net ඉගෙන ගනිමු-09


තවත් සරල පාඩමකින් නැවතත්.

මෙහිදීත් මම හඳුන්වා දීමට යන්නේ තවත් සරල පාලකයක් යොදා වැඩසටහනක් සකසා ගන්න අන්දමය.

මෙයට ඔබගේ පෙර Project යටම නව Form යක් එකතු කර ගන්න. ඉන්පසුව එය මතට බොත්තම දෙකක්ද ලේබලයක්ද එක් කර ගන්න. ඉන්පසුව Form ය මතට Color Dialogයක් Font Dialog සහ යක් ඇතුලත් කරගන්න.මෙම Color Dialog ය සහ Font Dialog ය ඔබට පහත රූපයේ පරිදි Toll Boxයේ Dialogs යන tab යටතේ දක්නට ලැබේවි.




ඉන්පසු බොත්තම් වල සහ ලේබලයේ Properties පහත ආකාරයට සකසා ගන්න.


Color Dialog ය සහ Font Dialog ය Form ය මතට දමා ගත් පසු ඔබ සැලසුම්කරගත් Form ය පහත ආකාරයෙන් දිස් විය යුතුය.





ඉන්පසු යන Change Font බොත්තම ඔබා ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද

FontDialog1.ShowDialog()
lblDisplay.Font = FontDialog1.Font
මෙම කේතයෙන් ලේබලයේ ය යෙන් තෝරාදෙන ය කරයි.

Change Color බොත්තම ඔබා ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද ලියන්න.

ColorDialog1.ShowDialog()
lblDisplay.ForeColor = ColorDialog1.Color

මෙම කේතයෙන් ලේබලයේ වර්ණය Color Dilog යේ වර්ණය බවට පත් කරයි.

ඉන්පසුව Project යේ Start Form ලෙස මෙම Formය සකසා වැඩසටහන ධාවනය කරන්න. වැඩසටහන ධාවනය කර Change Font බොත්තම ඔබා ඔබට ලැබෙන මෙම Window න් ඔබට ලේබලයේ Font යද








Change Color බොත්තම ඔබා ලැබෙන Window න් ඔබට ලේබලයේ වර්ණයද වෙනස් කර ගත හැක.






තවත් සරල පාලකයක් සමඟින් සැකසූ සරල පාඩමකින් නැවත හමු වෙමු.

කැන්ඩි....
Read more...

Visual Basic.Net ඉගෙන ගනිමු-08


මෙම පාඩමෙන් ඔබට කියා දෙන්නේ පසු ගිය පාඩමේ වැඩසටහන ආකාරයෙන් සැකසූ වැඩසටහනකට List Box යක් එකතු කර එය සමඟ වැඩ කටයුතු කරනා අන්දමයි. මෙහිදී මෙය සඳහා ඔබ නව Form යක පෙර වැඩසටහනම නැවත සැලසුම් කර ගන්න. ඉන්පසුව පෙර වැඩසටහනේ පාලකයන්ට අමතරව තවත් List Box එකක් Text Box එකක් ලේබලයක් සහ බොත්තමක් එකතු කර ගන්න.ඉන්පසුව ඒවායේ Properties පහත ආකාරයට සකසා ගන්න.


ඉන්පසුව පහත දැක්වෙන ආකාරයට ඔබගේ Form ය සැකසුම් කර ගන්න.




ඉන්පසුව Ok බොත්තම ඔබා ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද,

lblDisplay.Text = "You have selected " & cmbSelect.SelectedItem & " add to collection"
lbCollection.Items.Add(cmbSelect.SelectedItem)

Remove ඔබා ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද

lbCollection.Items.RemoveAt(txtRmv.Text - 1)

ලියන්න. ඉන්පසූව project යේ Startup Formය මෙම Form යට සකස් කර වැඩසටහන ධාවනය කරන්න.
එවිට Combo Box යෙන් Item යක් තෝරා OK බොත්තම එබූ විට මෙසේ එය List Box යට එක් වී තිබෙනු දක්නට ලැබෙනු ඇත.


ඉන්පසුව ඔබට ඉවත් කිරීමට අවශ්‍ය අයිතමයේ අංකය Text Box ය තුලට ඇතුලත් කර Remove යන බොත්තම එබූ විට ඔබට එය List Box යෙන් ඉවත් වී තිබෙනු දක්නට ලැබෙනු ඇත.










කේතයන් හි පැහැදිලි කිරීම.

lblDisplay.Text = "You have selected " & cmbSelect.SelectedItem & " add to collection"

මෙම කේතයෙන්, ok බොත්තම එබූ විට ලේබලයේ දිස් විය යුත්තේ මොනවාද යන්න දක්වා තිබේ.මෙහිදී You have selected text ය සහ ඊට පසු ඔබ Combo Box යෙන් තෝරා ගත් Item ද ඉන් පසුව නැවත add to collection යන්නද දිස් විය යුතු ආකාරයට සකසා තිබේ.

ඉන්පසුව
lbCollection.Items.Add(cmbSelect.SelectedItem)මෙම කේතයෙන් List Box හි අයිතමයන්ට Combo Box යෙන් තෝරා ගත් අයිතමය ඇතුලත් කිරීම සිදු කර ඇත.

ඉන්පසුව මෙම කේතයෙන් lbCollection.Items.RemoveAt(txtRmv.Text - 1) දක්වා ඇත්තේ List Box යේ අයිතමයන් ඉවත් කිරීමට Text Box යෙන් එහි Index ය ලබා දෙන කේතයයි.මෙහිදී ලෙස යොදා ඇත්තේ txtRmv.Text - 1, Index ය ආරම්හ වන්නේ 0 ,1,2,3,4 ලෙස නිසාවෙන්ය.

නැවතත් සරල පාඩමකින් හමුවෙමු.

කැන්ඩි....
Read more...

Visual Basic.Net ඉගෙන ගනිමු-07

මෙම පාඩමෙන් තවත් පාලකයක් යොදාගෙන කරන සරල වැඩසටහනක් ඉගෙන ගනිමු.

මෙහියොදා ගන්නේ Combo Box පාලකයයි.

මෙය නව Form යක ආරම්භ කරන්න. මෙම පාඩම් මාලාවේ සෑම නව පාලකයන් හඳුන්වාදෙන සෑම සරල පාඩමක්ම නව Form යකින් අරඹන්න. ඔබගේ Project යට නව Form යක් එකතු කර ගන්න අන්දම පෙර පාඩමකදී මම කියාදී ඇත්තෙමි එය කියවූයේ නැත්නම් මෙතනින් යන්න.ඉන්පසුව එම Form ය මතට යක් බොත්තමක් සහ ලේබලයක් ඇතුලත් කර ගන්න ඒවායේ නම් ඔබට මම පෙර පාඩම් වල කී ආකාරයෙන් ගැලපෙන ආකාරයට දෙන්න. මම මෙහිදී ඒවා යොදා ගෙන ඇත්තේ මේ ආකාරයෙන්ය



පහත දැක්වෙන ආකාරයට ඔබගේ Form ය සැලසුම් කර ගන්න.





ඉන්පසුව Combo Box හි Properties වලින් Items යන්න තෝරා ගන්න. එය ඉදිරියේ ඇති Colection යන්න සමඟ පැත්තෙන් ඇති බොත්තම Click කළ විට ඔබට පහත ආකාරයේ Window වක් ලැබේවි.




ඉන්පසුව එහි පහත රූපයේ දැක්වෙන ආකාරයට ඔබට අවශ්‍ය Collection එකක් කර ගන්න. මෙහිදී මම නගර වල නම් යොදා ගෙන ඇත.



ඉන්පසුව OK කරන්න.

ඉන්පසුව බොත්තම Double Click කර ලැබෙන කේතයන් පේළි දෙක මැද මෙම කේතය ලියන්න.

lblDisplay.Text = "You have selected " & cmbSelect.SelectedItem

ඉන්පසුව මම පෙර පාඩමකදී කියා දුන් ආකාරයට වැඩසටහන ධාවනයට පෙර ඔබගේ යේ Solution Explorer න් Project Properties Window ට ගොස් Startup Form ලෙස ඔබ මෙම වැඩසටහන නිර්මාණය කරගත් Form ය තෝරන්න. ඉන්පසුව F5යතුර ඔබා හෝ Run බොත්තම ඔබා ඔබගේ වැඩසටහන ධාවනය කරන්න.
ඔබ Combo Box යෙන් යමක් තෝරා බොත්තම එබූ විට පහත පරිදි ඔබගේ වැඩසටහන දිස් විය යුතුය.



තවත් පාඩමකින් නැවත හමුවෙමු.

කැන්ඩි....
Read more...

Visual Basic.Net ඉගෙන ගනිමු-06

සඳහන් කිරීමට බැරිවුන යමක්.

පහත රූපයේ පේන පරිදි ඔබට කේත Window ව විවෘත කර ගත් පසුව Combo Boxයන් දෙකක් පෙනේ. මෙහි පළමු එකේ ඔබගේ Form යේ ඇති පාලකයන් දැක්වෙන අතර ඔබ ඒවායෙන් එකක් තෝරා ගත හොත් එයට අදාල ලෙස අනික් Combo Box යේ එම පාලකයට අදාල Events එහි දිස් වේවි.



උදාහරණයක් ලෙස Form යේ ඇති බොත්තමක් තෝරා ගන්න. එවිට ඔබට එහි Events පහත රූපයේ ආකාරයට දකුණු පස ඇති Combo Box හි දිස් වේවි.

බොත්තමක Default Eventය වන්නේ Click Event යයි.

පෙර පාඩමේ කේතයන් පැහැදිලි කිරීම.

Private Sub btnLAlgn_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles btnLAlgn.Click

End Sub

මෙහි ඉහත දක්වා ඇති කේතයේ බොත්තමේ නම හැරුනු කොට බොත්තමක Click Event ය සඳහා කේතය මෙයයි.

txtAll.TextAlign = HorizontalAlignment.Left

මෙම කේතය මඟින් අප Form යට ඇතුලත් කර ගත් Text Boxහි ඇති Text ස්ථාන ගත වීම පාලනය කරන්නේ කෙසේද යන්න ලබා දෙයි. මුල් බොත්තම් තුනෙහිම කේතයන් වෙනස් වන්නේ Text Box

යේ Text ස්ථාන ගතවන ස්ථානය වෙනස් වීමෙන් පමණකි.

Dim language As String

මෙහිදී සිදු කර ඇත්තේ language නමින් String variable එකක් declare කිරීමයි.

language = txtAll.Text

මෙහිදී සිදු කර ඇත්තේ txtAll Text Box පාලකයේ Text,languageයන Variable එකට Assign කිරීමයි.

language = language.ToUpper

මෙහිදී සිදු කර ඇත්තේ යන Text Box එකට ගන්න Text එක Upper Case හෙවත් Capital කිරීමයි.එවිට ඔබ මෙසේ Visual Basicහෝ මෙසේ visual basic හෝ Text, Text Box යට ඇතුලත් කළත් එය අවසානයේ දිස්වන්නේ මෙසේයි VISUAL BASIC.

If language = "VISUAL BASIC" Or language = "VB" Then
MsgBox("Go ahead with Visual Basic.Net ")

Else
MsgBox(language & " is a good language too. ")

If Then Structure ගැන පසු පාඩමකින් වැඩිවිස්තර සහිතව සාඛච්ඡා කරන්නම්. මෙහිදී සිදු වන්නේ කොන්දේසියක් පරීක්ෂා කිරීමයි.මෙහිදී අපගේ Text Box යේ ඇති Textය VISUAL BASIC ට සමාන නම් හෝ VB ට සමාන නම් ඔබට පහත කේතයේ ඇති Message Box ය දිස්වේවි.
MsgBox("Go ahead with Visual Basic.Net ")

Else යන්න භාවිතා කරන්නේ එසේ නැත්නම් ඔබගේ ප්‍රතිදානය කුමක් විය යුතද යන්න සඳහන් කිරීමටයි.මෙහිදී Text Box යේ ඔබ Text Box යේ ඇතුලත් කළ Text ය VISUAL BASIC ට සමාන නොවේ නම් ඔබ ඇතුලත් කළ Text ය සමඟ is a good language too කොටස දිස් වේවි.

txtAll.Clear()

අවසාන බොත්තමේ ඇති මේ කේතයෙන් Text Box ,txtAll හි ඇතුලත් කර ඇති Text මකා දැමීම සිදු කරයි.


Visual Basic හි Variable Declare කිරීම.

Variable, යනු කුමක්ද?

Variable යනු වැඩසටහනක් Execute කරනා විට දත්ත රඳවා ගන්නා මතකයකි. එයට නමක් Name හා අගයක් Value ඇත. ඊට අමතරව එයට දත්ත ආකාරයක් Data Typeඇත. මෙම දත්ත

ආකාරය අනූව එහි අගය තීරණය වේ.

Visual Basic හි වෙනත් බොහෝ ක්‍රමෝත්පාදක භාෂාවන්හි මෙන් Variable එකක් භාවිතයට පෙර එය Declare හඳුන්වා දිය යුතුය.

එය Declare කිරීමට Visual Basic හි භාවිතා වන කේත වචනය වන්නේ Dim යන්නයි. Variable එකක් හඳුන්වා දීමේදී එහි දත්ත ආකාරයද Data Typeලබා දිය යුතුය. පෙර වැඩ සටහනෙන් උදාහරණයක් ගන්නවා නම්.

Dim language As String

මෙහිදී දත්ත ආකාරයට පෙර As යන වචනය යෙදිය යුතුය. variable Declare කිරීමේදී තමන් එය භාවිතා කරන්නේ කුමක්ද යන්න මත පදනම්ව දත්ත ආකාරය Data Type ලබා දීම වැදගත්ය.

මන්දයත් එයින් ඔබට අනවශ්‍ය පරිදි මතකය වැයවීම වලක්වා ගත හැකි බැවින්ය.

තමන් variable එකක් Declare කර ගත් පසු එය භාවිතා කරන අවස්ථාවේදී හෝ එය Declare කල මොහොතේදීම එයට අගයක් ලබා දිය හැක.

Dim calc As Integer
calc=10

Dim calc as Integer = 10

ඉහත කේතයන් දෙකම නිවැරදිය.

එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ දත්ත ආකාර ඇති Variables එකම පේළියේ Declare කළ හැක.

Dim tot As Integer = 1, discount As Single = 0.25

ඔබ String Data Type දත්ත ආකාරයේ Variable එකක් Declare කරනවා නම් එයට අගයන් දිය යුත්තේ " " තුලය.

Dim txt As String = "Happy"

Dim txt As String

txt = "Happy"

පහත වගුවෙන් ඔබට Visual Basic හි දත්ත ආකාර සහ ඒවායේ ඔබට යොදා ගත හැකි අගයන්ද Values ඒවායේ මතකයන් ප්‍රමාණයන්ද Structure Storage Size අවබෝධ කරගත හැක.





තවත් පාඩමකින් නැවත හමුවෙමු .

කැන්ඩි....
Read more...

Visual Basic.Net ඉගෙන ගනිමු-05



දැන් ඔබට Visual Basic වලින් සරල වැඩසටහනක් නිර්මාණය කර ගැනීමට හැකියයි සිතමි.

කේතනය කිරීම ගැන සඳහන් කිරීමේදී වැදගත්වන යමක් පළමුවෙන්ම සඳහන් කිරීමට සිතමි.

එය නම් කේතනය කිරීමේදී ඔබට අවශ්‍ය කේතනය ලිවීමේදී ඒ සඳහා අදාල කේත Code Window හි ස්වයංක්‍රීයව ඉදිරිපත් වීමයි. මෙහිදී තමන්ට අවශ්‍ය කේත කොටස තෝරා ගන්නේ මෙසේය.

උදාහරණයක් ලෙස අප පෙර වැඩසටහන ගනිමු.

එහි කේත ලිවීමේදී පහත රූපයේ පරිදි lblDisplay යන්න ටයිප් කිරීමට ඔබ lb යන අකුරුදෙක ටයිප් කළ විට lblDisplayයන්න තේරීම් මෙනුවක දිස් වනු ඇත. මෙම මෙනුවෙන් ඔබට අවශ්‍ය කරන තෝරා ගැනීම සිදු කිරීමට ඔබට Arrow Keys මඟින් ඉහළ පහළ කිරීමෙන් අවශ්‍ය තේරීම ළඟට යා හැක.ඉන්පසුව Tab යතුර එබීමෙන් ඔබට අවශ්‍ය තෝරා ගැනීම සිදු කළ හැක.









තවද කේතනයේදී ඔබ අතින් සිදුවන දෝෂ අවම කර ගැනීමට "" තුල කේතයන් ලිවීමට අවශ්‍ය විට මුලින් " එකක් දමා කේතය ලියනවාට වඩා මුලින් "" දෙකම දමා ඉන්පසුව ඒ මැදට Cursor ය ගෙන ගොස් කේතය

ලිවීම කේතනයේදී මඟ හැරීම් මඟින් සිදුවන දෝෂ මඟ හරවා ගැනීමට උපකාරී වේ.






තවත් පාලකයක් සමඟ නව පාඩමක් ආරම්භ කරමු.

මෙය වෙනත් Form යක ආරම්භ කරන්න . එයට මෙම Project එකට තවත් Form එකක් ඇතුලත් කර ගන්න. ඒ සඳහා Solution Explorer හි ඔබේ Project එක Right Clickකරන්න . එහිදී ලැබෙන තේරීම් මෙනුවෙන් Add යන්න තෝරා ගන්න ඉන්පසුව එහිදී ලැබෙන තේරීම් මෙනුවෙන් Windows Form යන්න තෝරා ගන්න.ඉන්පසුව ලැබෙන Window න් Windows Form යන්න තෝරා ඔබට අවශ්‍ය නමක් ලබා දෙන්න. ඉන්පසුව ඔබගේ නව Form ය විවෘත වනු ඇත.පෙර පාඩමේ කියා දුන් ආකාරයට එහි දිස්වන නම සහ වෙනත් ඔබට වෙනස් කිරීමට අවශ්‍ය දෑ Properties වලින් අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්න.













ඉන්පසුව බොත්තම් පහකුත් Text Box යකුත් Form ය මතට Tool Box යෙන් එක් කර ගන්න.
ඉන්පසුව ඒවායේ Properties පහත වගුවේ ආකාරයට සකසා ගන්න.



ඉන්පසුව පහත ආකාරයට ඔබගේ ය සැලසුම් කර ගන්න.




ඉන්පසුව btnLAlgn Double Click කර ලැබෙන කේත Window වේ ඇති කේත පේළි දෙක මැද මෙම කේතයද

txtAll.TextAlign = HorizontalAlignment.Left

btnCAlgn Double Click කර ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද

txtAll.TextAlign=HorizontalAlignment.Center

btnLRlgn Double Click කර ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද

txtAll.TextAlign=HorizontalAlignment.Right

btnLEval Double Click කර ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේත කොටසද සඳහන් කර ගන්න.

Dim language As String
language = txtAll.Text
language = language.ToUpper

If language = "VISUAL BASIC" Or language = "VB" Then
MsgBox("Go ahead with Visual Basic.Net ")
Else
MsgBox(language & " is a good language too. ")
End If

btnClear Double Click කර ලැබෙන කේත පේළි දෙක මැද මෙම කේතයද

txtAll.Clear()

ඉන්පසුව ඔබගේ වැඩසටහන ධාවනයට පෙර ඔබගේ Project යේ Start up form ලෙස ඔබගේ වැඩසටහන සැකසූ Form යේ නම තෝරන්න. එය කර ගැනීමට Solution Explorer යේ ඔබගේ Project ය Right Click කර ලැබෙන තේරීම් මෙනුවෙන් Properties යන්න තෝරා ගන්න එවිට ලැබෙන Window වේ Start up form යන Combo Box යෙන් ඔබගේ

ධාවනය කිරීමට අවශ්‍ය Form ය තෝරා ගන්න.






මෙම Window ව විවෘත කර ගැනීමට ඔබට Visual Studio හි මෙනු බාරයේ ඇති යන මෙනුව කළ විට ලැබෙන තෝරා ගැනීම් වලින් ඔබගේ Project යේ නම සමඟ Properties ලෙස සඳහන් කර ඇති මෙනු කොටස තෝරා ගැනීමෙන්ද කළ හැක.



ඉන්පසුව වැඩසටහන F5 හෝ Run බොත්තම ඔබා ධාවනය කරන්න.

එවිට ඔබට පහත ලෙස ඔබගේ වැඩසටහන දිස්විය යුතුය.

ඉන්පසුව ඔබ Visual Basic ලෙස Text Boxයේ ටයිප් කරන්න.

Justify Left එබූ විට මෙසේද ,




Center එබූ විට මෙසේද ,



Justify Right එබූ විට මෙසේද ,



Evaluate Text එබූ විට මෙසේද ,



Clear එබූ විට මෙසේද ,



ඔබගේ වැඩසටහන දිස් විය යුතුය.

ඉන්පසුව වෙනත් වචනයක් යේ ටයිප් කර

Justify Left එබූ විට මෙසේද ,



Center එබූ විට මෙසේද ,





Justify Right එබූ විට මෙසේද ,


Evaluate Text එබූ විට මෙසේද ,



Clear එබූ විට මෙසේද ,



ඔබගේ වැඩසටහන දිස් විය යුතුය.

මෙම පාඩමේ කේතයන් හි පැහැදිලි කිරීම් සහ තවත් පාලකයක් යොදාගෙන සරල වැඩසටහනක් නිර්මාණය කරගන්නා ආකාරය සමඟින් නව පාඩමකින් හමුවෙමු.

කැන්ඩි....
Read more...