Visual Basic.Net ඉගෙන ගනිමු-03




මෙම බ්ලොගය යාවත් කාලීන කිරීමට බැරි වීම පිළිබඳව කණගාටුව.

Visual Studio විවෘත කරගෙන වැඩ කිරීම ආරම්භ කිරීමට ප්‍රථම ඔබ දැන ගත යුතු කාරණාවක් වන්නේ Visual Studio හි ඇති Solutions හා Projects යන්නේ මොනවාද යන්නයි.
ඉන්පසුව ඔබට Visual Studio වැඩ කිරීමේ දී එය පහසුවක් වනු ඇත.

Project එකක් යනු යම් විශේෂිත ප්‍රතිදානයක් එනම් ප්‍රතිඵලයක් හෝ අවසන් නිමවුමක් (Output)ලබාදෙන File සමූහයකි. මේ ප්‍රතිදානය කේතතයන් සමූහයක් එක්කාසු කරගෙන තැනූ එසේ නැතහොත් Compile
කර තැනූ ක්‍රියා කර විය හැකි වැඩසටහනක් හෝ ගතික ලෙස එක් කර තැනූ කේත සමූහයක් එනම් සරලව කියනවා නම් DLL එකක් එසේ නැතහොත් Dynamic Linked Library ෆයිලයකි.

DLL එකක් යනු නැවත නැවත කේතනයේදී යොදා ගත හැකි කේත සමූහයකින් සමන්විත වන ගොනුවකි.එකම කාර්යය නැවත නැවත කර ගැනීමේදී එය පහසුවෙන් ඉටු කර ගැනීමට මෙම ෆයිලයන් භාවිතා කරයි.
Solution එකක් යනු යම් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කරවිය යුතු Project සමූහයකි.

Visual Studio විවෘත වූ පසු ඔබට දක්නට ලැබෙනුයේ මේ ආකාරයෙන්ය.


පහත දැක්වෙන අනුපිළිවෙලට එම අංග හඳුන්වා දෙන්නම්.


01. මෙනු


මෙහි Visual Studio හි සම්මත විධානයන් දැක්වේ.මෙමඟින් ඔබ දැනට වැඩ කටයුතු කරගෙන යන Solution එකෙහි Modules වල වැඩ කටයුතු මෙහෙයවීම සිදු කරයි.ඔබට අවශ්‍ය ආකාරයට මෙම මෙනු වෙනස් කර ගැනීමද ඔබට කළ හැකිය.ඔබට අවශ්‍ය කරන මෙනු වර්ග ඔබට ඇතුලත් කර ගැනීම මෙහිදී සිදුකළ හැකිය.

ඔබට අවශ්‍ය මෙනු වර්ග ඇතුලත් කර ගැනීමට මෙනු බාරය මත රයිට් ක්ලික් කිරීමෙන් ඔබට ලැබෙන මෙනුවෙන් Customize යන විධානය තෝරා ගන්න ඉන්පසුව ලැබෙන Window න් Commandsයන ටැබය තෝරා ගන්න ඉන්පසුව එමWindow හි ඇති Menu Barයන ලේබලය ඉදිරියේ ඇති බොත්තම Select කරන්න.






ඉන්පසුව ඔබට අවශ්‍ය කරන මෙනුවක් ඇතුලත් කර ගැනීමට Add New Menu යන බොත්තම ඔබන්න. ඔබ ඇතුලත් කර ගත් නව මෙනුව ඉන්පසු මෙනූ බාරයේ මෙසේ දිස්වනු ඇත.



ඉන් පසුව ඔබට මෙනුවක් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් Delete යන බොත්තම ඔබන්න.

ඔබට ඔබගේ නව මෙනුවට විධානයක් ඇතුලත් කර ගැනීමට අවශ්‍ය නම් Add Command යන බොත්තම ඔබන්න .එවිට Add Command යන Window ව විවෘත වනු ඇත.ඔබගේ මෙනුවට ඇතුලත් කිරීමට අවශ්‍ය විධානය ඔබට මෙමඟින් තෝරා ගත හැක.




ඉන්පසුව එමWindow හි ඇති Menu Barයන ලේබලය ඉදිරියේ ඇති බොත්තම Select කරන්න. ඉන්පසුව ඔබට අවශ්‍ය කරන මෙනුවක් ඇතුලත් කර ගැනීමට Add New Menu යන බොත්තම ඔබන්න. ඔබ ඇතුලත් කර ගත් නව මෙනුව ඉන්පසු මෙනූ බාරයේ මෙසේ දිස්වනු ඇත.

ඉන් පසුව ඔබට මෙනුවක් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් Delete යන බොත්තම ඔබන්න

.ඔබට මෙම ඇතුලත් කරගත් නව මෙනුවට ඔබට කැමති නමක් ලබා දිය හැක. එයට ඔබ කළ යුත්තේ ඔබ ඇතුලත් කළ මෙනුව තෝරා ගෙන තිබියදීම Modify Selection යන Combo Box තෝරා ගෙන Reset හි Name යන ඉදිරියේ කොටුව තුල ඔබ කැමති නමක් ලබා දීමයි.





02. Tool Bar හෙවත් මෙවලම් තීරය

මෙවලම් තීරයේ අන්තර්ගත වන්නේ ඔබට නිතරම කිරීමට අවශ්‍යවන විධානයන්හි මෙවලම්ය. සාමාන්‍යයෙන් Visual Studio හි අඩංගු වන්නේ දෝෂ ඉවත් කිරීමට හා ඔබගේ විධාන වෙනස් කිරීමට අවශ්‍ය වන මෙවලම්ය.ඔබට අවශ්‍ය නම් ඔබ කැමති මෙවලම් අන්තර්ගත කර ඔබට කැමති පරිදි නව මෙවලම් තීරයක් ඔබගේ සිතැඟි පරිදි සකසා ගත හැකිය.

ඔබට අවශ්‍ය කරන මෙවලම් තීරයක් අන්තර්ගත කර ගැනීමට මෙවලම් තීරය රයිට් ක්ලික් කර ඔබට අවශ්‍ය මෙවලම් තීරය තෝරා ගන්න. එසේ නැත්නම් මෙවලම් තීරය රයිට් ක්ලික් කර අවසානයට ඇති තෝරා ගැනීමවන Customize විධානය තෝරා ගන්න එවිට ඔබට තවත් Window ක් දිස්වේ. එම Window න් ඔබට අවශ්‍ය කරන මෙවලම් තීරයන් ඔබට අවශ්‍ය පරිදිවෙනස් කරගත හැක.








එසේ නැතහොත් ඔබට අවශ්‍ය නම් ඔබට නව මෙවලම් තීරයක් සාදා ගත හැක. ඒ සඳහා ඔබට කිරීමට අවශ්‍ය වන්නේ යන New බොත්තම එබීමයි එවිට ඔබට ඔබගේ නව Tool Bar යට ඔබට කැමති නමක් දිය හැක.





ඉන්පසුව ඔබ Command යන ටැබය තෝරාගෙන එහි ඇති රේඩියෝ බොත්තම් වලින් Tool Bar යන
බොත්තම තෝරා ගන්න ඉන්පසුව දකුණු පැත්තේ ඇති Combo Box එකෙන් ඔබ ඇතුලත් කර ගත් නව මෙවලම් බාරයේ නම තෝරා ගන්න.







ඉන්පසුව පහල ඇති Add Command යන බොත්තම තෝරා ගෙන ඔබට අවශ්‍ය විධානයන් ඔබගේ මෙවලම් තීරයට ඇතුලත් කර ගත හැක.





මේ ආකාරයට ඔබට Context Menu හෙවත් ඔබට රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවද ඔබට අවශ්‍ය විධානයන් යොදා සකස් කර ගත හැක.එයට කළ යුත්තේ Customize Window න් Command යන ටැබයේ ඇති Context Menu යන Radio බොත්තම තෝරා ඉන්පසුව පහල ඇති විධානයන් ඉහත ආකාරයෙන්ම ක්‍රියා කර වීමයි.




නැවත අපි මුල් රූපයේ දැක්වෙන කොටස් හඳුනා ගනිමු

03. Tool Box හෙවත් මෙවලම් බහාලනය.

ඔබ දැනට තෝරාගෙන වැඩ කරන Solution එකේ ආකාරයට සරිලන ලෙස මෙම මෙවලම් බහාලනයේ මෙවලම් අඩංගු වේ. මෙම රූපයේ ආකාරයට දැනට Form Designer එකකට ගැලපෙන ආකාරයේ මෙවලම් දක්නට ලැබේ. මෙහි Objects සහ ඒවාට අදාල උපාංග අඩංගු වේ.රූපයේ තෝරාගෙන ඇත්තේ Form Designer යකි. එහි Form Designer යට ගැලපෙන මෙවලම් අඩංගුවේ. තවද මෙම Tool Box හි විවිධ නමින් ඇති ටැබ යටතේ විවිධ උපාංග හා පාලක ඇත.

04.Solution Explorer

මෙය ඔබට දැනට වැඩ කරන Solution එකෙහි ෆයිලයන් පාලනය කිරීමට උපකාරී වෙයි. ඔබට මෙහි ඇති Objects රයිට් ක්ලික් කර එහි කේත සංස්කාරකය සහ සැලසුම් කාරකය තෝරා විවෘත කර ගත හැක.

තවද මෙහි එකක් රයිට් ක්ලික් කිරීමෙන් ඔබට එම Object එකට අදාල විධාන දැක ගත හැක.

05.Form Designer හෙවත් ආකෘති සැලසුම්කාරකය.

ඔබ Visual Studio හි වැඩ කරන Form එකක Design එක වෙනස කිරීමට මෙම Form Designerය භාවිතා කරයි. ඔබට Tool Box එකේ පාලකයක් හෝ උපාංගයක් මත Double Click කිරීමෙන් හෝ එම පාලකය හෝ උපාංගය Form එක මතට ඇද දැමීම මඟින් Form එකට Controllerඑකක් ඇතුලත් කර ගැනීම කර ගත හැකිය.

06.Properties

මෙය ඔබ Form එකෙහි ඇති ඕනෑම පාලකයක එය සැලසුම කරන අවස්ථාවේ වෙනස් කිරීමට ඉඩ ලබා දෙයි. මෙමඟින් ඕනෑම පාලකයක Font එක ඒවායේ වර්ණය එම පාලකයේ නම එම පාලකයේ දිස් වියයුතු නම එහි ප්‍රමාණය සහ එහි ගතිලක්ෂණ රාශියක් වෙනස් කිරීමට ඉඩ ලබා දෙයි.

07.Error List හෙවත් දෝෂ ලේඛනය.

ඔබ දැනට වැඩ කටයුතු කරමින් සිටිනා එකෙහි ඇති දෝෂ සහ වෙනත් නිවැරදි විය යුතු තැන් මෙම දෝෂ ලේඛණයෙන් පෙන්වා දෙයි.

ඔබට මෙම දෝෂ ලේඛනය දෙස හොඳින් බැලුවහොත් එහි ටැබයන් ගණනාවක් ඇති බව පෙනේවි.
The Task list tabයින් දක්වා ඇත්තේ කිරීමට ඇති දේවල්ය.
The Command tabන් හි විධාන ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දේ.
The Immediate tabව ඔබට හි විධාන කිරීමට හා කිරීමට ඉඩ ලබා දේ.
Output tab මඟින් Application හි ප්‍රතිදානය මුද්‍රණය කර පෙන්වයි.
තවද IDE න් උත්පාදනය කරන වෙනත් තොරතුරු සහිත පණිවුඩද මෙම ටැබයෙන් පෙන්වයි.

08.Sever Explorer

Server Explorer මඟින් ඔබට ඔබේ Project එකට සම්බන්ධ කර ඇති Databases සහ Database Servers පෙන්වයි.

තවත් පාඩමකින් නැවත හමුවෙමු.

කැන්ඩි....