කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තිය ගැන...






හැමදාම පටන් ගන්නවා කියලා හිතාගෙන හිටියට ඒක කරන්න බැරි වුනා මෙච්චර දවසක් ඒක නිසා අද මම හිතුවා අදනම් කොහොම හරි මේක ලියන්න පටන් ගන්නවා කියලා.ඔන්න එහෙනම් මේක තමා මගේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලිපි ලියවෙන කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තියේ පළමුවැනි Post එක.මේ බ්ලොග් අඩවිය මම ලියන තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලිපි පළ කරන්න මම භාවිතා කරනවා.මූලික වශයෙන් Visual basic.Net සහ SQL Server යන පාඩම් දෙක ඉදිරිපත් කරන්න මම බලා පොරොත්තු වෙනවා.ඒ අතර වෙනත් මාතෘකා යටතේද තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලිපි ඔබ හමුවට ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා.පාඨකයෙක් වශයෙන් මෙම අඩවිය Follow කරන්න පුළුවන්නම් සහ Comment මඟින් ඔබේ අදහස් මට දන්වන්න පුළුවන්නම් ඉතා වටිනවා.

මගේ මුල්ම පාඩම් මාලාව මම ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ පිළිබඳව Visual Basic.Net සහ SQLServer පිළිබඳව.තොරතුරු තාක්ෂණය විෂයක් විදියට හදාරා නැති එහෙත් එය ඉගෙන ගැනීමට ඇල්මක් දක්වන ඕනෑම දැනුම මට්ටමක සිටින කෙනෙකුට තේරුම් ගැනීමට හැකිවන ලෙස මෙම ලිපි පෙල රචනා කිරීමට බලාපොරොත්තු වෙනවා.එම නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙ පාඩම් මාලාව සමහරවිටෙක සරල වැඩියි කියල,ඒ වුනත් සරල දෙයින් පටන් අරගෙන සංකීර්ණ දේවල් ඉගෙන ගැනීම තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට ඉතා හොඳ මාර්ගයක් කියා මම සිතනවා.ඔබට මෙම පාඩම් මාලාව කියවා තේරුම් ගැනීමට නොහැකි නම් එය Comment එකක් මඟින් මට දන්වන්න.තවද නොතේරෙන දෙයක් එම නොතේරෙන දේත් සමඟ මා වෙත යොමු කරනවානම් ඉතා වටිනවා.තවද මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ඔබේ අදහස් මා වෙත යොමු කරනවා නම් එය මා ඉතා අගය කරනවා.නොතේරෙන ඕනෑම දෙයක් මා වෙත යොමු කරන මෙන් අවසානයේ මා නැවතත් ඉල්ලා සිටිනවා.දැනුම බෙදා ගනිමු.






කැන්ඩි.......

1 comments:

Teshan said...

Kp up d gud work... Candiyoo

ane torrent daanna epaa. mata torrent arahan...
direct links daannakooo. meka paataka illimak.