Visual Basic.Net ඉගෙන ගනිමු-04


පසුගිය පාඩමෙන් ඔබට Visual Studio ගැන යම් අවබෝධයක් ලැබුනේ යයි සිතමි.

සරල ලෙස Visual Studio හි එක් එක් පාලකයන් යොදාගෙන සරල වැඩසටහන් පෙළක් නිර්මාණය කර ගන්න අන්දම ඔබ වෙතට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඒ මඟින් සරල පාලක යොදාගෙන

වැඩසටහන් නිර්මාණය කිරීමටත් ඒවා නිසිඅයුරින් යොදා ගැනීමටත් හැකිවේ යයි සිතමි.

ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වැඩසටහන් නිර්මාණය කරගන්න අන්දම ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.


පළමුවෙන්ම මම ඔබට Visual Basic මඟින් වැඩසටහනක් නිර්මාණය කර ගැනීමේදී ඔබ අනුගමනය කළයුතු පියවරයන් හඳුන්වා දෙන්නම්.

01.පළමුව අතුරු මුහුණත එනම් Interface සැලසුම් කර ගන්න.

02.වෙනස් ක්‍රියාකාරකම් එනම් Different Events සඳහා කේතනය කරන්න.

03.කේතනය කර ගත් වැඩසටහන Execute හෝ Runකරන්න.

එය පහත පරිදි සිදු කරන්න.

පහත රූපයේ දක්වා ඇත්තේ මෙවලම් බාරයෙහි ඇති බොත්තමයි.



එසේ නැතහොත් ඔබට යතුරු පුවරුවෙන් F5ඔබා මෙම විධානය ලබා දිය හැක.

04.එවිට ඔබගේ වැඩසටහනේ කේතයේ දෝෂයක් පෙන්වයි නම් එය නිවැරදි කර නැවත වැඩසටහන ක්‍රියාත්මක කරන්න.

පළමු සරල වැඩසටහන.

පෙර පාඩම් වලින් මම ඔබට නව Project එකක් විවෘත කර ගන්න ආකාරය කියා ඇත්තෙමි.
එය Create කර ගන්න ආකාරයද එය කොතනට save කර ගන්නවාද යන්න එහි දක්වා ඇත.

ඔබ එය කියවූයේ නැත්නම් මෙතනින් යන්න.

ඉන්පසුව ඔබට කැමති නමක් එයට ලබා දිය හැක. මෙහිදී මම ලබා දී ඇත්තේ Blog Tutorial යන නමයි.
ඉන්පසුව ඔබට ඔබගේ Form යට කැමති නමක් ලබා දිය හැක.




ඉන්පසුව ඔබට ඔබගේ Form එකෙහි නම වෙනස් කර ගත හැක. එය කර ගැනීම සඳහා ඔබ Properties window න් Name යන එක තෝරා ඔබට කැමති නමක් ලබා දෙන්න.

මෙහිදී මම ලබා දී ඇත්තේ frmTutorial1 යන නමයි.



ඉන්පසුව ඔබට ඔබගේ Form එකෙහි දැක්වෙන නම වෙනස් කර ගත හැක. එය කර ගැනීම සඳහා ඔබ Properties Window න් යන Text එක තෝරා ඔබට කැමති නමක් ලබා දෙන්න.
මෙහිදී මම ලබා දී ඇත්තේ Tutorial-01 යන නමයි.












ඔබට ඔබගේ Form එකෙහි File Name එක වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ Solution Explorer න් ඔබගේ Form එක තෝරන්න. එවිට Properties Window වේ දිස් වනු ඇත්තේ ඔබගේ Form හි File properties ය.

ඉන්පසුව ඔබට කැමති නමක් ලබා දිය හැක. නමුත් මෙහිදී File Extension එක වෙනස් කරන්න එපා. එවිට Form හි File Type වෙනස් වන නිසා ඔබට නම වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙනු ඇත.


එසේත් නැත්නම් ඔබට Solution Explorer න් මෙමForm එක තෝරා එය Right Click කර Rename යන විධානය තෝරා කැමති නමක් ලබා දිය හැක.




මෙහිදී තවත් යමක් විශේෂයෙන් සඳහන් කරනවා නම් ඔබ යම් පාලකයක් නාමකරණය කරනා විට එය භාවිතයේදී යොදා ගන්නා නම සහ එම පාලකයේ නම එක් කර නම යොදනවා නම් එය ඔබට කේතනයේදී ඉතා
පහසුවක් වනු ඇති අතර පසු කළෙක ඔබට හෝ වෙනත් අයෙකුට ඔබගේ කේතයන් පරිශීලනයේදී අදාල කොටස් හඳුනා ගැනීමට එය මහෝපකාරී වනු ඇත.

උදාහරණයක් ලෙස ඔබ ලේබලයක් භාවිත කරනවා යයි සිතමු.එය භාවිතා කරන්නේ යන වචනය යමක් ඉදිරියේ දැක්වීමටනම්,

lblDisplay

එය Textbox යක් නම් සහ එය භාවිත කරන්නේ Number Input එකක් ලබා ගැනීමටනම්,

txtNum

එය Form යක් නම් සහ එය භාවිතා කරනේ මෙනුවක් සහිත Formයකට නම්,

frmMenu

එය බොත්තමක් නම් සහ එය භාවිතා කරන්නේ යමක් ගණනය කිරීමට නම්,

btnCalculate

යන ලෙස නම් යෙදීම වඩා සුදුසු වේ.

නැවතත් පාඩමේ ඉතිරිය සමඟ

ඔබගේ Form යට Tool Box යෙන් බොත්තමක් (Command button) සහ ලේබලයක් Label ඇතුල් කර ගන්න.

Tool Box යෙන් එම පාලකය Form ය මතට ඇද දැමීම Drag and Drop හෝ අදාල පාලකය මත Double Click කිරීම මඟින් එය Form ය මතට එක් කර ගත හැක.



ඉන්පසුව ඒවායේ Propertiesපහත වගුවේ පරිදි සකසා ගන්න.

ඉන්පසුව Form යේ ඇති බොත්තම Double Click කරන්න.

එවිට ඔබට පහත කේතනය Code දක්නට ලැබේවි.Cursorය ඒ කේත පේළි දෙක මැද්දෙන් දිස් වේවි.

Private Sub btnClick_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles btnClick.Click

End Sub

තවත් කිවයුතු දෙයක් නම් ඔබට යම් පාලකයක කේත Window හෙවත් Code Window ට යාමට අවශ්‍ය නම් එම පාලකය දෙවරක් එබීමෙන් Double Click ඔබට එය ඉටු කර ගත හැක.

Form යක නම් ඔබට Solution Explorer හි අදාල Form ය තෝරා Right Click කළ විට ලැබෙන මෙනුවෙන් View Code යන්න තෝරා ගැනීමෙන්ද එය කළ හැක.

පහත දැක්වෙන කේතය බොත්තම Double Click කර ලැබුන කේත පේළි දෙක මැද්දෙන් ලියන්න.

lblDisplay.Text = " Hello!!!!, You have successfully created your first Visual Basic.Net program "

ඉන්පසුව ඔබගේ වැඩසටහන Run බොත්තම ඔබා හෝ යතුරුපුවරුවෙන් F5 ඔබා ධාවනය කරන්න. එවිට පහත පරිදි නව Window ක ඔබගේ වැඩසටහන දක්නට ලැබේවි.



ඔබගේ වැඩසටහනෙහි බොත්තම එබූ පසු දිස් විය යුත්තේ මෙසේය.




ඔබට මෙම සරල වැඩසටහනෙන් මෙම ප්‍රතිදානය ලැබෙන අයුරින් මෙසේ වෙනස් කරගත හැක.

එයට ඔබ Formය මතට තවත් බොත්තම් 2 ක්ඇද දමා ගන්න. ඉන්පසුව ඒවායේ සහ පෙර වැඩසටහනේදී දමා ගත් බොත්තමෙහි Properties පහත වගුවේ දැක්වෙන ආකාරයට වෙනස් කර ගන්න.


ඉන්පසුව ලේබලය තෝරා එහි Properties වලින් Font හි ප්‍රමාණය විශාල අගයක් ලබා දෙන්න.මම මෙහිදී 72ptක අගයක් ලබා දී ඇත.තවද Font වර්ගය ලෙස Wingdings තෝරා ගන්න.

ඉන්පසුව btnSmile Double Click කර ලැබෙන කේතයන් පේළි දෙක මැද්දෙන් මෙම කේතයද

lblDisplay.Text = "J"

btnFrown Double Clickකර ලැබෙන කේතයන් පේළි දෙක මැද මෙම කේතයද

lblDisplay.Text = "L"

btnNormal Double Clickකර ලැබෙනකේතයන් පේළි දෙක මැද මෙම කේතයද

lblDisplay.Text = "K"

සටහන් කර ඔබගේ වැඩසටහන Run බොත්තම ඔබා හෝ F5 යතුර ඔබා ධාවනය කරන්න.

ඉන්පසුව ඔබට ඔබගේ වැඩසටහන දිස් විය යුත්තේ මෙසේය.



Smile බොත්තම එබූ විට මෙසේද,



Frown බොත්තම එබූ විට මෙසේද ,



Normal බොත්තම එබූ විට මෙසේද ඔබගේ වැඩසටහන දිස් විය යුතුය.



තවත් පාඩමකින් නැවත හමුවෙමු.

කැන්ඩි....

0 comments: