Visual Basic.Net ඉගෙන ගනිමු-02


මෙම බ්ලොග් අඩවිය යාවත් කාල කිරීමට බැරිවීම ගැන මගේ බලවත් කනගාටුව.

ඔබගේ පරිඝනකයේ Visual Studio ස්ථාපනය කරගත් පසුව ඔබ පළමුව විවෘත කරන විට ඔබට පහත දැක්වෙන ආකාරයේ තිරයක් දක්නට ලැබේවි.



මෙම තිරය ඔබට දර්ශනය වන්නේ Visual Studio ඔබේ පරිඝනකයේ පළමුවරට විවෘතවන නිසාය.

ඉන්පසුව ඔබට පහත දැක්වෙන ආකාරයේ තිරයක් දක්නට ලැබේවි.Visual Studioවිවෘත වූ පසු ඔබට පළමුව දක්නට ලැබෙන තිරය මෙයයි.මෙය Visual Studio ආරම්භක තිරයයි..ඔබට මෙහිදී ඔබ කළින් විවෘත කර තිබූ ඔබ වැඩ කරමින් තිබූ Project එකක් විවෘත කර ගැනීම හෝ ඔබට අවශ්‍ය පරිදි නව Project එකක් නිර්මාණය කරගත හැක.






නව Project එකක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම් ඔබට Create Project හෝ Visual Studio 2010 හි නම් New Project යන විධානයද ඔබ කළින් වැඩ කරමින් තිබූ Project එකක් විවෘත කර ගැනීමට අවශ්‍ය නම් Open Project යන විධානයද තෝරා ගත යුතුය.

ඔබ Create Project /Visual Studio2010 හි නම් New Project යන විධානය තෝරා ගත්තේ නම් ඔබට ඉන්පසුව පහත දැක්වෙන Window ව දක්නට ලැබේවි.එහිදී ඔබ භාවිතා කිරීමට යන ක්‍රමලේඛන භාෂාව ඔබට තෝරා ගැනීමට සිදුවේවි.ඉන්පසුව ඔබ තෝරා ගත යුත්තේ Visual Basic ක්‍රමලේඛන භාෂාවයි.එය තෝරා ගත් පසු එය Expand කරන්න.එවිට ඔබට Windows,Web,Office/ Visual Studio 2010 හි නම් Windows, Web යන තෝරා ගැනීම් ඔබට දක්නට ලැබේවි.ඒවායෙන් Windows යන්න තෝරාගෙන දකුණුපස ඇති මෙනුවෙන් Windows Application යන විධානය ඔබ තෝරා ගන්න.






ඉන්පසුව Name යන Text Box ය තුල ඔබට කැමති නමක් යොදා ගත හැක.ඉන්පසුව ඔබට ඔබ නිර්මාණය කළ Project එක Save කිරීමට ඔබට කැමති ස්ථානයක් ලබා දිය හැක.Location යන Text box ය ඉදිරියේ ඇති Browse යන බොත්තම එබූවිට ඔබට ඔබේ Project එක සුරැකීමට අවශ්‍ය ස්ථානය ලබා දිය හැක


















ඔබ නව Project එකක් විවෘතකරන විට එය සුරැකීමට නව ගොනුවක් විවෘත කර එහි නව Project එක සුරකිනවා නම් එය නැවත පරිහරණයේදී ඔබට ඉතාමත් පහසුවක් ගෙන දේවි.

කැන්ඩි....
Read more...